iranama
දුප්පතාට සෙත සලසමින් රවි නීච වෙයි
රවි රාජ්‍ය කාරක ග්‍රහයා වනු ඇත. රටේ රජතුමා උච්ච බලයෙන් සිටිය යුතුය. නමුත් ඔක්තෝබර් 17 සිකුරාදා 18.10 ට රවි තුලා රාශියට පැමිණ නීච වනු ඇත. රජ කෙනකුට රවි නීච වීම රජ පුටුවෙන් බිමට බැසීමට තරම් කරුණු කාරණා ඉස්මතුවේ. මේ නීච රාශිය වන තුලාවට පැමිණෙන විට බුධ හිමි අස්ලිස නැකත යෙදී ඇත. සිකුරාදා දිනක අටවිසි යෝග චක්‍රය අනුව අස්ලිස නැකත යෙදීම මෘත්ය යෝගයයි. මළ යෝගයක් උදාව ඇති මොහොතක රජතුමා ග්‍රහලොව මනමාලිය සොයා යැම නොහොත් තුලා රාශි ගතවී නීච වීම තුළින් කුමක් සිදුවේද කියන නුවණකින් සිතිය යුතුය. මේ වෙලාවට භූමි පුත්‍රට නොහොත් අඟහරුට අයිති මේෂ ලග්නය උදාව පවතී. මොකක්ද? මේ සෙල්ලම ජ්‍යෝතිෂ ඇසින් බැලිය යුතුය. සාමාන්‍ය ජනතාවට නම් රවි නීච වීම හොඳය. ඒ කීවේ සාමාන්‍ය ජනයා ලොකු කම පෙන්නන්න ගියොත් කබලෙන් ලිපට ඇද වැටෙනු නිසාය. එම නිසා දුක් විඳින ජනයාට රවි නීච වීම තමන්ගේ සිතුම් පැතුම් ඉටුවන කාල සීමාවන් විය හැක. නමුත් රජ කෙනකුට රවි නීච වීම තුළින් නොසිතූ කරදර රැල්ලකට මුහුණ දීමට මන්පෙත් විවර කිරීමකි. ශ්‍රී ලංකා කේන්ද්‍රයේ පුණ්‍ය ස්ථානය වන 9 වැන්න තුලාව වේ. තුලාව සිකුරුට අයිතිය. නමුත් තුලාවේදී රවි නීච උවද සෙනසුරු උච්ච බලයෙන් යුක්තව රවි පිළිගැනීමට බලා සිටිනු ඇත. උච්ච ග්‍රහයා සහ නීච ග්‍රහයා එක්වූ කල නීච භංග රාජ යෝගය ශ්‍රී ලංකා කේන්ද්‍රය තුළ යෙදෙන බව කිව යුතුය. නීචය තුළින් ලබන රජකම පෙර පින මතු වීමකි. රටේ ඇති ප්‍රශ්න වැඩි හරියක් ලිහිල්වේ.
මේෂ
දුක වේදනාව අතරින් සිනා සීමට කාලයක් මේෂ ලග්න හිමියාට යෙදෙන අතර හදිසි තුවාලවීම්, ජීවිතහානි, සිටි තැනින් ඇද වැටීම, සම්පත්, දේපළ, මුදල් විනාශය වගේම ගේ දොර ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවේ. සෙනසුරු උපතින් බලවත් නම් මේෂ ලග්න හිමියාට මාරකවලින් මිදීමට පමණක් සහනයක් දෙනු ඇත. උපතින් සඳු 8 වැන්න හෝ 7 වැන්න තුළ යෙදී ඇත්නම් ජන්ම අෂ්ඨම ඒරාෂ්ඨක අපල දෙකම එක විට යෙදීම නිසා ජීවිතය උඩුයටිකුරු වීමට තරම් ඉඩ තිබේ. කරුණාකර ජ්‍යෝතීර් විද්‍යා විශාරද මහතෙක් හමුවී කරුණු කාරණා වටහා ගන්න. සෙනසුරුගේ මහා දශාවක් හෝ අතුරුදශාවක් ගත කරන්නේ නම් ඉහත අපලය ඉතාම දරුණු විදිහට විපාක දෙනු ඇත. මේ අපලයට ප්‍රතිකර්ම මෙම ලිපිය අවසානයේදී මා ලියා තබනු ඇත. කොලොන් පැළයක් සිටුවා වතුර දමන්න.
වෘෂභ
වෘෂභ ලග්නය හිමි අයට සෙනසුරු 7 වැන්නට පැමිණේ. අවිවාහක අයට විවාහ වීමට සිදුවේ. පවුල් ජීවිත වල සුළු සුළු ගැටුම් ඇතිවේ. හවුල් ව්‍යාපාර කරන අයට බාධක මතුවේ. කෙසේ වෙතත් ගෙදරට නාකි වෙන අයට මංගල සීනු හඬ වන්නේ සෙනසුරු 7 වැන්නට දිග්බල නිසාය. මඟුල් කරද පැළයක් සිටවා වතුර දමන්න.
මිථුන
මිථුන ලග්නයෙන් උපන් අයට ආලය ආදරයට බාධක එල්ලවේ. අධ්‍යාපනය කරන දරුවන්ගේ දැනුම අඩුවේ. දරුවන් රෝගාතුර වීමේ ඉඩ කඩ වැඩිය. කාන්තා පක්ෂය නිසා නැති කරදරවලට මුහුණ පෑමට සිදුවේ. කොහොඹ පැළයක් සිටවා දිනපතා වතුර දමන්න. හදිසි මිල මුදලක් අත ගෑමට වාසනාව උදාවේ. යම් සහනයක් ලද හැකිය. ඊට හේතු සෙනසුරු 6 වැන්නට පැමිණීම බොහෝවිට සුබදායක තත්ත්වයක් ලැබීමටද හේතු පාදක වන නිසාය. වෘශ්චික සෙනසුරුට සතුරු රාශියක වුවත් ස්ථාන වශයෙන් 6 ට පැමිණීම මොන ප්රශ්නය පැමිණියද විස¹ ගැනීමට මාවත් හෙළිවේ. දේශපාලනයේ යෙදී ඇති අයට බාධක මැද ජය හිමිවේ.
කටක
කටක ලග්නය තුළ ගුරු ගමන් කිරීම නිසා සෙනසුරු ගමන් කරන 5 වැනි ත්‍රිකෝණ ස්ථානය දකිනු ඇත. එම නිසා කටක ලග්න හිමියන්ට යම් සහන දායක තත්ත්වයක් ඇත. නමුත් වයසක අයගෙන් කුඩා දරුවන් ආරක්ෂා කර ගන්න. කටක ලග්නය හිමි දරුවන් හික්මීම නැති චීවර ධාරීන්ගෙන් ප්‍රවේශම් වීම ඉතාම නුවණට හුරුය. අධ්‍යාපනයට වඩා යම් යම් සිතුවිලි රජ වීමට ඇති ඉඩ වැඩි නිසා දිවුල් පැළයක් සිටවා වතුර දමන්න. දිවුල් කිරි බෝධියට පූජා කරන්න.
සිංහ
සිංහ ලග්න හිමියන්ට තනි තීරණ ගෙන කටයුතු කිරීමට සිතුවිලි පහළවේ. මවට අගුණදායක වීමට පුළුවන. ලැබීම අතින් බාධක ඇතිවේ. සෙම් අමාරු, ලේ අඩු වැඩිවීම හෘදයාබාධවලට ලක්වීමේ ඉඩ කඩ වැඩිය. දේපළ පිළිබඳ ප්‍රශ්නද මතුවේ. ඉඹුල් පැළයක් (කොට්ට පුළුන්) සිටුවා දිනපතා වතුර දමන්න.
කන්‍යා
මෙතෙක් පැවැති විෂ්ණු දෙවියන්ට බට කොළ කවන ලද සෙනසුරු ලග්න ඒරාෂ්ඨක අපලය නිමවේ. හිතේ සතුට ඇතිවේ. නැති වුණ දේවල් ලබා ගැනීමට මංපෙත් හෙළි වනු ඇත. කන්‍යා ලග්න හිමියන්ට හදිසි ධන වාසනා ගෙනදෙන අතර පවුලේ සමගියද ඇතිවේ. සෙනසුරු මාරුව සිදුවන්න ඔබේ කේන්ද්‍රයේ 3 වැනි රාශියටයි. සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාරද ලැබේ. කොහොඹ පැළයක් සිටවා වතුර දිනපතා දමන්න වාසනාව ළඟාවේ.
තුලා
තුලා ලග්න හිමියන්ට පවුල් ප්‍රශ්න වැඩිවේ. මිල මුදල් අතින් ඉතාම අමාරුකම්වලට ලක්වේ. කතා කිරීමට යැම තුළින් අහක යන කුණු ගොඩවල් තමා කරා ළඟාවේ. නැති ප්‍රශ්න ඇති වේ. මුහුණ කට තුවාල වීමට ඇති ඉඩකඩ වැඩිය. සෙනසුරු ලග්න ඒරාෂ්ඨක අපලය 2017.01.27 දින දක්වාම පවතින නිසා පවුල් ප්රශ්නවලදී බුද්ධිමත්ව ක්‍රියා කරන්න. තුලා ලග්නයට ලග්නාධිපති සිකුරු නිසා මගුල්කරද පැළයක් සිටුවා දිනපතා වතුර දමන්න. නුග ගසකට වතුර දැමීම ඒරාෂ්ඨක අපලයට හොඳම බෙහෙත වේ.
වෘශ්චික
වෘශ්චික ලග්න හිමියන්ට ලග්න ඒරාෂ්ඨක අපලය තදින්ම බලපවත්වනු ඇත. ලග්න තුළ නොහොත් හිස තුළ සෙනසුරු ගමන්කරන නිසා එලොව මෙලොව පේන වැඩ සිදුවේ. දෙවියන් බුදුන් සිහිවේ. හිස තුවාල වීමටද ඉඩ ඇත. මෝඩ වැඩ සිදුවෙන අතර තැන්පත් ධනය නැතිවේ. තමා සතු රන් භාණ්ඩ සොර සතුරාට පුද දීමට කරුණු කාරණා යෙදෙන නිසා බුද්ධිමත් වන්න. හිසේ වගේම හිතේ අමාරු වැඩිවිය හැක. අපල කාලයකි. යටිබඩ, තුනටිය, කකුල් දෙක, දිගට බලපාන රෝග පීඩාද ලංකාවේ ලග්නාධිපතියාගේ ගස කොලොන් ගසයි. කොලොන් පැළයක් සිටුවා වතුර දමන්න. සෙනසුරු ඒරාෂ්ඨක අපලයට බලු කපුටු දානය සෑම මසකම දෙන්න.
ධනු
ඔබේ ලග්නාධිපති වන ගුරු මාරක ස්ථානයේ සිටියදී සෙනසුරු ලග්න ඒරාෂ්ඨක අපලය උදාවේ. ගෙදරින් පිට වීමට සිතුවිලි පහළවේ. 2014.11.02 සිට ඔබට වර්ෂ 7 2/1 ක් ඉදිරියට ලග්න ඒරාෂ්ඨක අපලය බල පවත්වයි. කරදර රැසකට මුහුණ දීමට සිදුවේ. කරුණාකර ඔබේ ජන්ම පත්‍රය ප්‍රසිද්ධ ජ්‍යෝතීර්වේදී මහතෙකුට පෙන්වන්න. බෝධි පූජා 7 ක් හෝ 9 ක් කරන්න. ගෙදරින් 21 ක් පාරක් පෙරාගත් ජලය බෝධියට වත්කරන්න. සුදු හඳුන් කුඩු එම ජලයට මිශ්‍ර කරන්න. සියල්ල දියවී යැමට ඉඩ ඇති නිසා පිනට බරව ඊට අදාළ පිළිවෙත් කරන්න.
මකර
ලග්නාධිපති සෙනසුරු එකළොස්වැන්නට පැමිණීම ඉතාම හොඳය. මෙතෙක් කල් නොලැබී පස්සට අදිමින් තිබූ දේවල් ඉටුවීම තුළින් සිතේ සතුට ඇතිවේ. මිල මුදල් තමා සතුවේ. බලාපොරොත්තු සපලවේ. දියුණුවක් දැකිය හැක. නුග ගසකට ජලය දමන්න. නිල්මල් බෝධියට පූජාකොට එළඟිතෙල් පහන් දල්වා මළගිය අයට පිංදෙන්න. ඔබට වාසනාව 2017 ජනවාරි 27 දක්වා ලැබෙනු ඇත. සෙනසුරු මාරුව ඔබට ඉතාම හොඳය.
කුම්භ
කුම්භ ලග්නයටද සෙනසුරු ලග්නපතිවේ. නමුත් සෙනසුරු පැමිණෙන්නේ යෝගකාරකයෙකුගේ ගෙදරට නිසා යම් සහනය ඇත. නමුත් රැකියා ප්‍රශ්න, මුදල් ප්‍රශ්න තරම් බල පවත්වනු ඇත. රැකියා වෙනස් කිරීමට සිතුවිලි පහළවේ. තදබලම අගුණ නැත. කාන්තා පක්ෂය නිසා නැති කරදර මතුවීමක් සිදුවිය හැක. බුද්ධිමත්ව කටයුතු කිරීම තුළින් බාධක ජයගත හැක. තදබලම අපල නැත. 2017 ජනවාරි 27 න් පසු සියලු සම්පත් ළඟාවේ. විෂ්ණු පූජා පැවැත්වීම ඉතාම හොඳ ප්‍රතිකර්මයකි.
මීන
මෙතෙක් කලක් පැවැති සෙනසුරු අෂ්ඨම ඒරාෂ්ඨක අපලය නිමවීම නිසා සිතේ සතුට ඇතිවේ. දරුවන්ගේ දියුණුව සැලසේ. විශාල පිං වැඩ කිරීමට සිතුවිලි පහළවේ. වන්දනා ගමන් බහුලවේ. තිබුණ රෝගී තත්ත්වය සමනය වීම තුළින් හිතේ සතුට ඇතිවේ. සෙනසුරු පුණ්‍යස්ථානයට පැමිණෙන නිසා මුදලට වඩා පිනට කටයුතු කිරීමට සිතුවිලි පහළවේ. සමහර විට පියාට අගුණවීමටද ඉඩ ඇත. බෝධි පූජා කටයුතු කරන්න.
මේ මා විසින් ලියන ලද කරුණු වෙනස් වීමට ඉඩ ඇත. ඊට හේතුව තමාගේ උපතේදී සඳු සිටින රාශිය අනුව සෙනසුරු ජන්ම ඒරාෂ්ඨක අපලයක් චන්ද්‍ර අෂ්ඨම ඒරාෂ්ඨක අපලයක් යෙදීමට ඉඩ ඇත. එය කේන්ද්‍ර පරීක්ෂණයකින් උත්තර දිය යුතුය. කෙසේ වෙතත් ඖෂධ ස්නානය තුළින් අපල අවම කරගත හැකි නිසා සෙනසුරු ඒරාෂ්ඨක අපලය බලපවත්වන අය හෝ සෙනසුරු මහා දශා ගෙවන අය මේ ප්රතිකර්මය කරන්න. විශේෂයෙන් පහත දක්වන ලග්න හිමියන්ට තදබල විපත් ගෙන දීමට ඇති ඉඩකඩ වැඩිය. මා විසින් ලියන ප්‍රතිකර්ම කර බලන්න.
1. මේෂ - අෂ්ඨ ඒරාෂකය
2. ධනු - ලග්න ඒරාෂ්ඨකය
3. වෘශ්චික - ලග්න ඒරාෂ්ඨක
4. තුලා - ලග්න ඒරාෂ්ඨක
සෙනසුරු ළඟ සුරලෝ යතුරත්, අපායේ යතුරත් යන යතුරු දෙකම ඇත. කිසිම ග්‍රහයෙක් නරක නැත. තමාගේ ජන්ම පත්‍රය නැති නම් කේන්ද්‍රය තුළ පිහිටා ඇති ආකාර අනුව ඵල විපාක දීම සිදුවේ. මා විශේෂයෙන් සඳහන් කළ ලග්න 4 හිමි උදවිය පිනට බර ජීවිත ගත කරන්න. පනින්න පෙර සිතා බලන්න. යමක් කිරීමට පළමු දෙතුන් වතාවක් සිතා බලන්න. භාවනා කිරීම අපල දුරුවීමට හේතුවේ. මෛත්‍රී භාවනාව ඉතාම හොඳය.
කළුතල, ලොත් සුඹුළු, අංජන කැට, බැබිල වී පොරි, සත කුප්ප, තැම්බූ වතුර ස්නානය කරන්න. සියලු අපල දුරු වීමට ඖෂධ ස්නානය ඉතා හොඳය. මේ අපලවලට යන්ත්‍ර මන්ත්‍ර ක්‍රම තිබුණට ඔබගේ මුදල් වියදම් වන නිසා අඩු වියදම් ප්‍රතිකර්ම කර ගන්න.
ජ්‍යෝතීර්වේදී මාතර පුහුල්වැල්ලේ
සුසිල් ප්‍රේමචන්ද්‍ර
උපුටා ගැනීම දිවයින
Wmqgd .ekSu ��; mqj;a m; weiqfrks